දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..
Sri Lanka Police
Deshabandu Tennakoon
Latest Headlines
Decision Making
By krishani
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේ ය.
ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
මෙම පෙත්සම පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසින් ඉදිරිපත් කර තිබිණ.
මෙම අතරමැදි පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
කෙසේ වෙතත්, ඒ අනුව නියෝගය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම අතරමැදි පෙත්සමේ අන්තර්ගත කරුණුවලින් බැලූ බැල්මටම නඩුකරයක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව දැනුම්දී තිබෙනවා.