ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ඊයේ (15) පැවැත්විණ.
ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ හෙට (17) පරීක්ෂණයක් පවත්වන බවයි.
ඊයේ (15) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කර තිබෙනවා.
ඒ අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අදාල ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
එමෙන්ම, අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් මාධ්‍යයට යොමු කර ඇති බවට දෙමාපියන් චෝදනා කළේ ය.