113 ඡන්දෙ දුන්නොත් දේශබන්දු අද ගෙදර - මෙන්න විස්තරේ

Report

පසුගියදා සියලු චෝදනාවන්ට වැරදිකරු වු දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිතය.

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමිවන බවට සදහන්.

පොලීසියේ ඉහළ පුටු කීපයක් මාරු කරයි

පොලීසියේ ඉහළ පුටු කීපයක් මාරු කරයි

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට