පොලිස්පති ධුරයෙන් පහකළ දේශබන්දුගේ කෙරුවාව ආරක්ෂක ඇමති එළිකරයි
මේ රටේ ඉතිහාසයේ බිහිවූ නරක නමක් ඇතිවූ පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා සැලකිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම අදහස ඔහු පැවසුවේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධ විවාදය අතරතුරය.
තෙන්නකෝන් මහතා විසින් තම බලතල පෙනී පෙනී අවභාවිතා කර ඇති බව පිළිබඳව විමර්ශනයක් සිදු කළ ත්‍රිපුද්ගල කමිටුව මෙරට කතානායකවරයාට වාර්තා කර ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ,
“2009දී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතාව පැහැරගෙන ගොඩ වද හිංසා කිරීමේ විමර්ශන නිසි ලෙස සිදු නොකිරීම සහ පැමිණිල්ල සටහන් කිරීමෙදී බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා. එම සිද්ධියට අදාළව විමර්ශනවලට දේශබන්දු තෙන්නකෝව කැඳවා ප්‍රකාශයක් ලබාගත් අතර, 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයෙන් පසු මෙම විමර්ශණ යටපත් විය.
2011 ඔක්තෝබර් 8 වෙනිදා පැවති පළාත් පාලන ජන්ද විමසීමේදී භාරත ලක්ෂ්මන් ප්‍රෙමච්න්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තැබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා විය. 2011 දී සාක්ෂි ලබාදෙමින් භාරත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියදුරු සමන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ,නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ වාහනය මේ වෙනකොට මරණ දඬුවම නියම වෙලා ඇති දුමින්ද සිල්වාගේ වාහන පේළිය පසුපස තිබූ අයුරු දැක ඇති බවයි.
ඊට අමතරව ආර් දුමින්ද සිල්වාගේ රියදුරු චමින්ද නැමැති පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ, වෙඩි හුවමාරුවට මීටර් 150කට දුරින් දේශබන්දු තෙන්නකෝන් සිටිනු දක්නට ලැබුණු බවයි. දේශබන්දු තෙන්නකෝන් මහතා නුගෙගොඩ කොට්ඨාස අපරාධ භාර නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ පුද්ගලයින්ට වද හිංසා කිරීම සම්බන්ධයෙන් වන SCFR 107/2011 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2023 සැප්තැම්බර් 11 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමේ 5 වෙනි වග උත්තරකරු වූ දේශබන්දු තෙන්නකෝන් මෙම ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව මගින් වරදකරු කර ඇත. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එවකට ව්‍යවස්ථාදායක සභාවේ කීපදෙනෙක් සහ ජනාධිපතිවරයා කටයුතු කළේ ඔහු නුගේගොඩ කොට්ඨාස භාරව නිලධරියාව ලෙස සිටියදී පුද්ගලයන් නිරුවත් කළ ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන්ගෙ සිද්ධාලේප ආලේප කරවීමට සැලැස්වූ සහ පුද්ගලයන්ට කෲර අමානුෂික ලෙස වද හිංසා කරන්න ආධාර අනුබල දුන් පුද්ගලයෙක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදීය….”
