අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්[UPDATE]

Report

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින්.

.................................................................................

බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත අද ගෙදරදිම අත්අඩංගුවට[3.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් නිසා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීමට අල්ලස් ලෙස රුපියල් 1,500,000ක් ඉල්ලා ඉන් රුපියල් 300,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව බව වාර්තා වේ.

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

ඒ අනුව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අද (13) දින පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

එසේම අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) වශයෙන් කටයුතු කරන බව සඳහන්.

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?