මීට පස්සේ මේ වගේ දෙයක් වුනොත් වහාම කෝල් එකක් දෙන්න - මේ දුරකථන අංක වලට..

Report

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ විශේෂ වැටලීම් ඒකකය විසින් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මීට පස්සේ මේ වගේ දෙයක් වුනොත් වහාම කෝල් එකක් දෙන්න - මේ දුරකථන අංක වලට.. | Deportation Of Persons For Illegal Employment

ඒ නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කිරීම පිළිබඳ ලැබෙන පැමිණිළි පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක වීමටයි.

ඒ අනුව මෙවැනි ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව කාර්‍යංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 භාවිතා කර තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව ඇති බව එම කාර්යාංශය සඳහන් කළේ ය.

එසේම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට කාර්‍යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම ආයතනයේ හිමිකරු වෘත්තියෙන් නීතිඥයෙකු බව වාර්තා වේ.

එම ආයතනය විදේශසේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර නොමැති බවත් වීසා උපදේශන සපයන මුවාවෙන් පුද්ගලයින් රැකියා සඳහා විදෙස් ගත කිරිම සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් වේ.

අත්අඩංගුවට ගත් ආයතනයේ හිමිකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත්, 0112864241 හෝ 0112864123 යන දුරකතන ඔස්සේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂන ඒකකය වෙත පැමිණිලි හා තොරතුරු ලබා දිය හැකි බව එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේ ය.