දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගනී - 300ක බලකායක් ඒ අතර..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Jul 09, 2023 01:19 AM GMT
krishani

krishani

Report

දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යොදවා තිබෙනවා.

ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ කියා සිටියේ ය.

ඒ පසුගිය දින කීපයේ දී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීමට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් දුම්රිය මාර්ගයේ පීලි හා සිල්පර කොටන්වලට සම්බන්ධ කර තිබෙන ඇණ ගලවාගෙන යෑම හේතුවෙන් ය.

කෙසේවෙතත් මෙය දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිතවලට ද  ඉතා අනතුරුදායක බව ඒ මහතා කියා සිටියේ ය.