මරණ 15ක් - සෞඛ්‍ය අංශවලින් රතු එළියක්
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය හි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,713 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
එම කාලසීමාවේ ඩෙංගු මරණ 15ක්ද වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.