සමාන ලක්ෂණ සහිත රෝග දෙකක් - දැඩි අවධානයෙන් සිටින්න

covid19 isolated dengue symptoms anura jayasekara
By Sewvandhi Jun 17, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙංගු රෝගයේ සහ කොරෝනා රෝගයේ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර පවසනවා.

මේ නිසා කිසිදු අවධානමක් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ සම්බන්දයෙන් දැඩි අවධානයෙන් සිට පළමු අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසෙන ලෙසටයි ඔහු උපදසේ දෙන්නේ.

මේ අතර තවමත් පසුගිය වර්ෂයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් අඩු බවක් පෙන්නුම් කල ද ඉදිරි සති කීපයේ රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

දිවයිනේ සෑම රෝහලකම ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති අතර සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවෙස් හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමත් ජනතාවගේ වගකීමක් බවයි විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මෙහිදී කියා සිටියේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ දිනවල කොරෝනා රෝග මර්ධන කටයුතු වල නිරත වන බැවින් ඩෙංගු මර්ධන රාජකාරි සඳහා මුළුමනින්ම යොමු වීමේ අපහසුතාවක් ඇති බවත් ඔහු අවධාරණය කළා.

එබැවින් එහි වගකීම ජනතාව විසින් ඉටු කළ යුතු බව සහ තම නිවෙස් අවට පරිසරය පිළිබඳ නිරන්තර අවධාණයෙන් ක්‍රියා කිරීමේ වගකීම ඔවුන් සතු බවයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now