දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

By Sewvandhi Nov 12, 2023 10:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙමටගොඩ පොලීසිය පවසන්නේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් වත්ත තුළට එල්ලවී ඇති බවයි, පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත්ව සිටි දෙමටගොඩ රුවන් නැමැත්තා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ReeCha