දෙමටගොඩ චමින්දගේ කෝටි ගාණක කුඩු දැලේ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ දෙමටගොඩ චමින්ද නැමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොඟයක් සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
දෙමටගොඩ චමින්ද යනු මරණීය දණ්ඩනය නියමව ඇති පාතාලයකු බව ද සඳහන්.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ද ඇතුළත්.
පොලීසිය සැකකරුවන් සමඟ හෙරෝයින් මත්කුඩු කිලෝ 2 ක්, මත් පෙති 4500 ක් සහ ජංගම දුරකථන හතරක් තම භාරයට ගෙන ඇත.
අද (12) දහවල් කාලයේ මෙම නිවස වටලා ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දින කිහිපයකට පෙර ලද තොරතුරක් මතයි.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දෙමටගොඩ චමින්ද නැමැත්තාට අයිති මත්ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක්, මොරගහහේන පොලිස් වසමේ ගෝනපොළ කුඹුක් වත්ත ප්‍රදේශයේ නිවසක ස්ථාපිත කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබුණු බවයි.
අතඅඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 38,45 සහ 46 යන වයස්වල පසුවන්නන්.
එසේම ඔවුන් පෙර වැරදි රැසක් ඇති පුද්ගලයන් බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන බව ද සඳහන්.
