ශ්‍රී ලංකාවේ මැණික්වලට ඉල්ලුම අඩු වෙයි. - හේතුව මෙන්න.
මෙරට මැණික් ඇතුළු දෑ සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස අඩුවී තිබෙනවා.
ඒ, මේ වන විට ඇමරිකාවේ පවතින ආර්ථික අවපාතය හේතුවෙන්.
කෙසේ වෙතත් ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යෑම හේතුවෙන් මෙරටට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ලැබෙන ආදායම පසුගිය වසරවල්වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ.
මේ අනුව 2022 වසරේ ඇමරිකාවට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 53.88 ක ආදායමක් උපයා ඇති අතර කොවිඩ් සමයට පසුව ඇමරිකාවට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ලද ඉහළ ආදායම බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය වසරේදී මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති තයිලන්තයට අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 34.5 ක ආදායමක් ද මෙරටට ලැබී ඇත.
එය 2023 වසරේ ජනවාරි සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා වූ කාලයේදී මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 330 ක ආදායමක් උපයා ඇති අතර, එය ඉකුත් වසරේ (2022) එම කාලයට සාපේක්ෂව 30% ක වර්ධනයකි.
ඒ නමුත් ආදායම ඉහළ ගියද ප්‍රමාණාත්මකව මෙරට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති සඳහා ඉල්ලුම ප්‍රමාණාත්මකව අඩුවී තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
