ගම්මන්පිලගේ නඩුවක් කල් යයි

Report

 කොළඹ මහාධිකරණය විසින් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොට සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට දින නියම කරනු ලැබුවා.

මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වනදා යළි කැඳවන ලෙසය එහිදී විනිසුරුවරයා නියම කළේ.

මෙම නඩුව ගොනුකර ඇත්තේ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ දියි.  

බිත්තර මිල යළි පහළට නව මිල මෙන්න

බිත්තර මිල යළි පහළට නව මිල මෙන්න