කඩොලාන වනාන්තර කිහිපයක් ගැන ගත විශේෂ තීරණය මෙන්න
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Hashini
කඩොලාන වනාන්තර 08ක් ලබන 26වනදාට යෙදී තිබෙන ජගත් කඩොලාන දිනයේදී රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ ප්‍රකාශ කරනු ලැබුවා.
ඔහු මේ බව පැවසුවේ අද (21) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ පරිසර අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම කඩොලාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර ඇති බවයි.
