ඉන්ධන මිලදී ගැනීම වෙනස් වේ?ඇමරිකාවෙන් ලංකාවට තෙල්

Report

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් වශයෙන්, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව සඳහන්වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා, සිදු කළ විමසීමක දී මේ බව තහවුරු කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් බවත් පැවසු ඒ මහතා, ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාවට මේ වනවිට සාකච්ජා කරන යන බව පැවසුවේය.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතය. එවගේම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරු බදු රහිතව භාණ්ඩ අපනයනට ද අවස්ථාවක් සලසා දීමට කටයුතු කරමින් සිටි.

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළඳ හිඟය අවම කර ගැනීමට සිදුකරන මෙවැනි ක්‍රියා මඟින් වාසි සහගත තත්ත්වයන් උදාවෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් සඳහන් කරයි.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි