රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් 2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙය 2024 වසරේ මුල් මාස 05 දී රාජ්‍ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයක් බව සඳහන්.
මේ වෙනුවෙන් ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම බව වාර්තා වේ.
මේ සම්බන්ධය තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සතිපතා නිකුත් කරනු ලබන ආර්ථික දර්ශක වාර්තාවෙහි අන්තර්ගත වේ.