ආදාරේ නාමෙන් වියානා ඇළට බිලි වූ තරුණියගේ සිරුර හමුවෙයි
මහියංගණය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් බව සඳහන්.
රජරට විශ්ව විද්‍යාලයේ සිසුවියක් වන ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.
මියගිය තරුණිය ඇයගේ පෙම්වතා සමඟ ඇල කණ්ඩිය මත ඊයේ (20) දින පස්වරුවේ ඇවිදිමින් සිටියදී පෙමිවතා ඇලට වැටී ගසා ගෙන ගොස් ඇත.
ඒ මොහොතේදී පෙම්වතා බේරා ගැනීමට තරුණිය ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.
මේ අතර පොලීසිය වැඩිදුරටත් පවසා ඇත්තේ එහිදී ඇලෙහි දිය නාමින් සිටි පුද්ගලයෙක් ගසාගෙන යමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගෙන ඇති අතර තරුණිය දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි.
දියේ ගිලී අතරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර ප්‍රදේශ වාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙසේ සොයාගෙන ඇති බව සඳහන්.
