රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත‍්‍රණයක් (VIDEO)

Sri lanka delta
By Sithumi Jul 16, 2021 12:58 PM GMT
Sithumi

Sithumi

Report

දැනට රට තුළ ක්‍රියාත්මක කරන විරෝධතා රැල්ල කොරෝනා වසංගතය පැතිරීම සඳහා වන වර්ජන රැල්ලක් දැයි සැක සහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මේ දිනවල සිදු කෙරෙමින් ඇති විරෝධතාවයන් වලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ පොලිස් නිලධාරීන් පවා දැනටමත් නිරෝධායනට ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

සිංහල අලුත් අවුරුදු පොකුර ආකාරයට නව කොරෝනා රැල්ලක් ඇති වේදැයි කල්පනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් පැවසීය