භයානකම delta ප්‍රභේදයේ පැතිරීම ඉදිරි සති දෙකේදී දෙගුණ වෙයි

indea delta new york times Delta plus
By Sithumi Jun 24, 2021 02:00 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන බලවත්ම කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස නම් කර ඇති ඉන්දියාවෙන් හඳුනා ගැනුණු ”ඩෙල්ටා” කොරෝනා ප‍්‍රභේදය පැතිරීමේ වේගය ඉකුත් සති දෙක තුළදී දෙගුණ වී ඇති බව බටහිර විද්‍යාඥයන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබේ.

මේ යටතේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම ”ඩෙල්ටා” ප‍්‍රභේදයට ගොදුරු වී ඇති බව අනාවරණය වී තිබේ.

”ඩෙල්ටා” ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකුට රෝහල්ගතවීමට ඇති අවස්ථාව එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය වන ”ඇල්ෆා” ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකුට වඩා දෙගුණයකින් වැඩි බව විද්‍යාඥයන් විසින් හෙළි කර තිබේ.

මේ අතර මේ වන විට ඉතා දැඩි අවධානයක් යොමු කළ යුතු කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස ලෝක සෞඛ්‍ය සංව්ධානය හා ඇමරිකාවේ රෝග වැළැක්වීම හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය විසින් නම් කර ඇති ”ඩෙල්ටා” ප‍්‍රභේදයට සම්බන්ධ ”ඒ වයි .1” හෙවත් ”ඩෙල්ටා ප්ලස්” නමැති නව කොරෝනා ප‍්‍රභේදය ඉන්දියාවේ හිස ඔසවමින් පවතින බවද වාර්තා වී තිබේ. 

පසුගිය දිනවල ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පැවතිය ද එරටින් ”ඩෙල්ටා ප්ලස්” ප‍්‍රභේදය ආසාදනය වූ 40 දෙනකු හඳුනාගැනීමත් සමගම බලධාරීන් විසින් මහාරාෂ්ට‍්‍ර, කේරළ හා මධ්‍ය ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වැඩියෙන් පරීක්ෂණ සිදු කරන ලෙස දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now