තවත් ඩෙල්ටා 02ක් මෙරටින්..එක් පෙදෙසක් තවමත් හදුනා නොගනී..දැඩි අවදානමක්.

Delta New patients Dompe Japura university
By Aruna Jul 13, 2021 06:04 AM GMT
Aruna

Aruna

Report

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙක් දොම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරිඳිවැල තිවානකන්දෙහි පදිංචි නාවික හමුදා නිලධාරියෙක් බවයි වාර්ථා වන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ ප්‍රකාශ කළේ අනෙක් පුද්ගලයා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිදුකළ ජෛව සාම්පල පරීක්ෂාවකදී ඩෙල්ටා ආසාදිතයකු ලෙස හඳුනාගත් අයෙකු බවයි.

කෙසේ වෙතත් එම ආසාදිතයා කුමන ප්‍රදේශයකද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

කෙසේ වුවද දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වූ ඩෙල්ටා ආසාදිත නාවික හමුදා නිලධාරියා බූස්ස නාවික හමුදා කඳවුරේ සිට පසුගිය 26 වැනිදා තිරිවානාකන්ද ප්‍රදේශයේ සිය නිවසට පැමිණ පසුගිය 28 වැනිදින යළි කඳවුරට ගොස් තිබෙනවා.

මේ සමගම නාවික හමුදා නිලධාරියාගේ ගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත බවට තහවුරු 179 කගේ ජෛව සාම්පල ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමේ වැඩිදුර පරීක්ශණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත මෙම දෙදෙනාත් සමග මෙරට දැනට තහවුරු කරගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ යනවා.

මුල්වරට දෙමටගොඩ හැටහයවත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 5 දෙනකු හඳුනා ගත් අතර පසුව කොළඹ නගර සීමාව, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලින් ඩෙල්ටා ආසාදිතයන් 14 දෙනකු හඳුනාගත් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now