ඩෙල්ටා රට ආක්‍රමණය කරයි..! කොවිඩ් නිව්මෝනියාවෙන් ප්‍රසිද්ධ හිමිනමකුත් අපවත් වෙයි..

covid19 delata variant Chandhima Jeewandhara Vijitha thero Pallewawa
By Sewvandhi Sep 10, 2021 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය පල්ලවැව විජිත ස්වාමීන් වහන්සේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් අපවත් වී තිබේ.

81 හැවිරිද වියෙහි පසුවූ උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කෝවින්න ආදාහනාගාරයේදී ඊයේ (09) සිදුකෙරුණි.

මේ අතර,ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති සාම්පල මත පදනම්ව සිදුකරන ලද පර්යේෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. එමෙන්ම ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84%ත් 100%ත් අතර පැවති බව එම පර්යේෂකයින් පවසයි.

මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලදී පරීක්ෂණයන්ට භාජන කරන ලද සාම්පල 130න් 130ම ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන තිබේ. මීට අමතරව කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට, වවුනියාව, මුලතිව් හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් පරීක්ෂාවට බඳුන් කළ සාම්පල සියල්ලම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව හඳුනාගෙන ඇත.

ඇල්ෆා ප්‍රභේදය වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 6ක සාම්පල 25 කින් පමණි. මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයින් 2,856 ක් ඊයේ (09) මෙරටින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 477,636ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල දැක්වේ. ඉන් 408,116 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන රෝගීන් සංඛ්‍යාව 58,656කි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

-----------------------------------------------

කොවිඩ් ආසාදිතව දරුවන් මිය යෑම වැඩි වෙලා - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now