ඩෙල්ටා ආසාදිතයන් තවත් හමුවේ.. ඩෙල්ටා සොයා අහඹු පරීක්‍ෂණ…

Sri lanka covid 19 Delta
By Sithumi Jul 13, 2021 02:38 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් 24 දෙනෙකු මෙතෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. 

 කලින් හඳුනාගත් 14 දෙනා සහ අලුතින් හඳුනාගත් 10දෙනකු ඇතුළුව මෙම ආසාදිතයන් වාර්තා වන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය. ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තිය පිළිබඳ සොයා බැලීමට අහඹු පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඒ මහතා පවසයි. 

 ප‍්‍රබේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් තවත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඔහු කියා සිටියේය. ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගඋපදේශ අකුරටම පිළිපැදිය යුතු බවද ඔහු පෙන්වා දෙයි