මෙරට ඩෙල්ටා ආසාදිතයින් 117 දක්වා ඉහළ යයි..දැඩි අවධානම් තත්ත්වයක්.

Covid Sri Lanka Delta
By Aruna Aug 06, 2021 07:54 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 ඩෙල්ටා ආසාදිත වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2,674 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 466ක්. ඊට අමතරව කළුතරින් 377ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239ක් ඊයේ වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 177 දෙනෙකු පමණයි. අනුරාධපුර, මාතර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ද වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට සමීක්ෂණවලින් අනාවරණ වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියා.

එවන් පසුබිමක බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ රෝහල්වල මෙන්ම පිට පළාත්වල රෝහල්වල ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

දික්ඔය මූලික රෝහලේ ද අද වන විට කොරෝනා ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.

මීට අමතරව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා පමණක් සීමා කර ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now