ඩීසල් පෝලිම් තවදුරත්.. රට පුරා සිදුවී ඇති දේ..

By Sithumi Jun 06, 2022 11:23 AM GMT
Sithumi

Sithumi

Report

රටපුරා බොහෝ ප්‍රදේශවල මේ වන විට උග්‍ර ඩීසල් හිගයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් බස්රථ ලොරි රථ ඇතුළු බරවාහන නගර පුරා දීර්ඝ පෝලිම්වල නවත්වා තිබෙනු දක්නට ඇත

. දැනට දින කිහිපයක සිට මෙම ස්ථාන වල නවත්වා තිබී හේතුවෙන් නගරවල දෛනික කටයුතු පවා අඩාල වී ඇත. මෙම පෝලිම් හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වල පිවිසුම් මාර්ග පවා අවහිර වී තිබේ. මේ අතර තෙල් සංස්ථාවේ සංචිත සීමාසහිත වීම මත විසල් ලබාදීම ප්‍රමුඛතා ලේඛනයක් මත සිදු කරමින් පවතී.

මීළඟ ඩීසල් නෞකාව එළැඹෙන 09 වැනි දා පැමිණීමට ඇතත් එය පැමිණීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලබෙන විසල් නෞකාවක් පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 16 වැනිදාය. එතෙක් තෙල් සංචිත කළමනාකරණය කිරීමට තෙල් සංස්ථාව බලාපොරොත්තු වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now