ඔයාටත් මේ ලයිසන් එක තියේ නම් වහාම බාර දෙන්න..ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම්දීමක්..

Report

බලපත්‍ර සහිත ගිනි අවි නිකුත් කිරීම පූර්ණ අධ්‍යයනයකින් හා විමර්ශනයකින් පසුව සිදුකරන බව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා පවසනවා.

ඇමැතිවරයා කියා සිටියේ, ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම් දීම මත අද (07 වැනිදා) වනවිට සියලුම බලපත්‍ර සහිත ගිනි අවි බාර දිය යුතු බවත් මේ සියල්ල බාරගැනීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තාවක් ලබාගන්නා බවයි.

පසුගිය කාලයේදී ලබාදී ඇති එම ගිනි අවි වැරදි අන්දමින් පරිහරණය කර ඇති බවත් ඇතැම් ගිනි අවි පාතාලයට ද ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ඇමැතිවරයා කියා සිටියා.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


එසේම පසුගියදා වෙඩි තබාගනිමින් සියදිවි නසාගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයා ද බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බවත් එම ගිනි අවිය බලපත්‍ර සහිතව ලබාදී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී බවත් කී ඇමැතිවරයා එවන් අන්දමින් ගිනි අවි ලබාදී ඇති ආකාරය ගැන පුළුල් විමර්ශනය කෙරෙන බවයි විජිත හේරත් මහතා අවධාරණය කළේ.

මෙලෙස බලපත්‍ර සහිත ගිනි අවි ලබාදීමේදී අවි පුහුණුවක් ලබා නොදීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ බලපත්‍ර කොන්දේසිවලට අනුව අවි පුහුණුවද ලබාදීමක් සිදුවන බවයි.

කෙසේ වෙතත් මෙපමණ කාලයක් බලපත්‍ර සහිත ගිනි අවි ලබාදුන්නේ අවි පුහුණුවකින් තොරව බවයි, මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ විමසීමේදී කියා සිටියේ.

අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..

අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..


මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයට බාරදී ඇති ගිනි අවි අතරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ගිනි අවි හතක් ද , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ගිනි අවි නවයක් ද බාර දී තිබෙන බව මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.