නැවතත් එල්ලිනෝ තත්ත්වයක් - විශේෂ හෙළිදරව්වක්

Report

මෙම වසර අවසානයේදී ලොව පුරා ප්‍රබල 'එල්නිනෝ' (El Niño) දේශගුණික සංසිද්ධියක් නැවත ඇති වනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

නැගෙනහිර මධ්‍යම නිවර්තන පැසිපික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම හරහා හටගන්නා මෙම තත්ත්වය, 1877 වසරේදී මෙන් ගෝලීය වශයෙන් විශාල ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළ වී තිබේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වර්තමාන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මෙවර ඇති විය හැකි බලපෑම ඉතා තීව්‍ර විය හැකි බවයි.

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

ඓතිහාසික දත්තයන්ට අනුව 1877-1878 කාලසීමාව තුළ ඇති වූ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලොව පුරා මිලියන 50කට අධික ජනතාවක් මිය ගියහ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දෙන්නේ, එකල පැවති ලෝක ජනගහනයට සාපේක්ෂව එම මරණ සංඛ්‍යාව ගණනය කළහොත්, අද වැනි දිනක එවැනිම විපතක් සිදු වුවහොත් අවම වශයෙන් පුද්ගලයින් මිලියන 250ක් පමණ මිය යාමට ඉඩ ඇති බවයි.

මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

මෙම සංසිද්ධිය හේතුවෙන් ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට දැඩි නියඟයන් සහ තවත් ප්‍රදේශවලට අතිශය විනාශකාරී ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බැවින්, ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් සූදානම් වීමේ වැදගත්කම පරිසර විද්‍යාඥයෝ අවධාරණය කරති