වද සැත්කම් කල වෛද්‍ය සාෆි යළිත් සේවයට..සියලු විස්තර මෙන්න..

By Sewvandhi Dec 16, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගැබිනි කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවකට වද සැත්කම් කිරීමේ චෝදනාව යටතේ අනිවාර්‍ය නිවාඩු යවා තිබූ කුරුනෑගල මහ රෝහලේ වෛද්‍ය එස්.එස්.එස් සාෆි සහබ්දින් හට අනිවාර්‍ය නිවාඩු ගන්වා තිබූ කාලය තුළ ලැබිය යුතු ව තිබූ හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දන්වා තිබෙනවා.

කුරුනෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ, ඔහු ආයතන සංග්‍රහයේ පටිපාටින් අනු ව නැවත සේවයේ පිහිටුවීමටත් කටයුතු කරන ලෙස යි.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මොහොමඩ් සාෆි සහබ්දින් වෛද්‍යවරයා මෙම චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට පවා ලක් වුණා. කෙ

සේවෙතත් මේ සම්බන්ධ ව පැවති අවසන් නඩු වාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණය හමුවේ දන්වා සිටියේ, වෛද්‍යවරයාට එරෙහි ව නැගෙන චෝදනා සනාත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නො මැති බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery