මියගිය වැග්නර් නායකයා යළි කරළියට එයි - රුසියාවට වෙන දේ.

Vladimir Putin World Russia
By Gagana Sep 09, 2023 08:45 AM GMT
Gagana

Gagana

Report

රුසියාවේ මොස්කව් නුවරදී මියගිය එරට කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මරණය ගැන යුක්රේනය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව යුක්රේන ජනාධිපති ව්ලොදිමීයර් ස්ලෙනෙස්කි පවසන්නේ වැග්නර් නායකයාගේ මරණය ඝාතනයක් බවයි.

ඔහුගේ ඝාතනය පිටුපස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිටින බව ද යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කළා.

කෙසේවෙතත් ඒ සඳහා පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් යුක්රේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර නැහැ.

වැග්නර් නායකයාගේ ඝාතනය පුටින්ගේ දුර්වලතාවක් බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ ජනාධිපති කාර්යාලය පවසන්නේ වැග්නර් නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

ReeCha