මෙරට එකම පවුලේ තිදෙනෙකු මිය ගිය ඇග කිලිපොලායන අභිරහස් සිදුවීම
Corona virus
Covid 19
Sri lanka
By Sithumi
පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ රහසිගතව භූමදානය කළ 56 හැවිරිදි පුද්ගලයෙකු මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යළි ගොඩ ගැනීම අද (10) සිදුවිය. ඒ පුත්තලම මහෙස්ත්‍රාත්වරයා සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේදීය.
මීට හේතු වී තිබුණේ අදාළ පුද්ගලයාගේ මරණයෙන් දින දෙකකට පසුව බිරිඳ හා දියණිය ද කොවිඩ් වැලඳී මියගොස් තිබීමය.
පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ 51 හැවිරිදි මවක් හා 37 හැවිරිදි ඇගේ දියණිය එලෙස ඉකුත් 06 වනදා කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි. දින දෙකකට පෙර එම පවුලේ පියා මියගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |