හඳුනා නොගත් අභිරහස් මළ සිරුරු 02ක් හමුවෙයි.
Police
Sri Lanka
Jaffna
Deaths body
By Aruna
යාපනය, පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි වෙරළ ප්‍රදේශයන්හි තිබී ඊයේ(27) නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගත් බව වැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව පොලිස් ස්ථාන පවසනවා.
පොලිසිය පැවසූවේ වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස හමු වූ බවයි.
මළ සිරුරු දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයින්ගේ විය හැකි බවට සැක කරන අතර, මළ සිරුරුවල අනන්‍යතාව හඳුනාගෙන නොමැති බව ද පොලිසිය පැවසුවා.
මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය ,පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාර වෙත යොමු කොට ඇති බව ද, පොලිසිය සඳහන් කළා.
සිදුවීම් සම්බන්ධයෙන් පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |