කාන්තාවක් අත්තනගලු ඔයට පනී..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 30, 2022 08:10 AM GMT
krishani

krishani

Report

ගම්පහ - මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාලමකින් කාන්තාවක් අත්නගලු ඔයට පැන ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.

එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 23ත් 28ත් අතර කාන්තාවක් බව පොලීසිය පවසයි.

ඇගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.ඇය උස අඩි 5ක් පමණ වන සාමාන්‍ය සිරුරක් හෙබි කාන්තාවක් වන අතර ඇය චොකලට් පැහැයට හුරු ගවුමක් ඇඳ සිට ඇත.

මේ වනවිට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් නිලධාරීන්, යුද හමුදා ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

ReeCha