බීමට වතුර විදුරුවක් රැගෙන එන මෙන් දරුවාට කියා මවක් දියඇල්ලකින් පනියි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 23, 2023 01:56 AM GMT
krishani

krishani

Report

ඊයේ (22), සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඇය පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට ද පැමිණි ඇත.

පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති අතර ඇයගේ සිරුර දිඹුල පතන පොලීසිය විසින් සොයාගනු ලැබිණ.

මෙසේ මියගොස් ඇත්තේ, දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි නම් 34 හැවිරිදි සිව්දරු මවක් ය.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලීසියට පැමිණ ඇති ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙනඑන ලෙස දරුවාට පවසා ඇත.

ඒ අනුව දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්දරු මව ඩෙවෝන් දිය ඇල්ලට පැන ඇත.

කෙසේවෙතත්, මව සමග ගිය දරුවා ආපසු පොලීසිය වෙත දිවගොස් සිය මව දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව පොලිසියට පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join