ගංවතුරෙන් මියගිය ගණන 78 දක්වා ඉහළට
By Shehan
අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා මෙක්සිකෝවේ හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව එරට බලධාරීන් සඳහන් කළේය.
අයහපත් කාලගුණයෙන් මෙක්සිකෝවේ ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වූ අතර, පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, බලපෑමට ලක් වූ ජනතාවට සහන සැපයීම, හානියට පත් ගොඩනැගිලි යළි ඉදිකිරීම ඇතුළු කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 580ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 175ක) සහන පැකේජයක් මෙක්සිකානු රජය විසින් අනුමත කර තිබේ.