වාද්දුව සංචාරක හෝටලයක ගින්නක්
වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය සදහන් කරයි.
මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබේ කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටියි.
[
එ වගේම දෙවන මහලේ පැවති ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරව සිටි පිරිස් බේරාගැනීමට මහත් වෙහෙසක් දැරීමට ගිනි භටයින්ට සිදුවිය.
ගිනි නිවන ඒකකය සදහන් කළේ හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් , දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අටදෙනකු සුරක්ෂිතව පහලට ගැනීමට කටයුතු කළ බවයි.
තවද කාමරවල තිබූ ගුවන් බලපත්ර ඇතුළු ලියකියවිලි මෙන්ම දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය සදහන් කර තිබේ.