ඩොලර් බිලියන 13 ක අපනයන ආදායමක්

Report

ශ්‍රී ලංකාවේ අපනයන අංශය මේ වසරේ ( 2025 ) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 12986.52ක සමස්ත ආදායමක් වාර්තා කර තිබේ .

මේ අනුව ගිය වසරේ ( 2024) අදාළ කාලය හා සසඳන විට මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ අපනයන ආදායම සියයට 7 ක වැඩිවීමක් සිදුව තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය සදහන් කරන්නේ ස්ථාවර සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් මේ අපනයන වර්ධනය සිදුව ඇති බවයි.

අද දින ශ්‍රී ලංකාවේ ඩොලරයේ මිල ගණන් මෙන්න

අද දින ශ්‍රී ලංකාවේ ඩොලරයේ මිල ගණන් මෙන්න

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සදහන් කළේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ගන්නා ලද පියවර සාර්ථක වී ඇති බව‍‍‍‍යි.

එවගේම වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පෙන්නුම් කරන  වගද ඔහු සදහන් කර තිබේ.

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්