සැප රියේ බලපත්‍ර රහිතව බෝතල් 30ක් පටවන් යද්දී මාට්ටු - පවුලේ අයත් උදව් කරලා
මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, සුඛෝපභෝගී මෝටර් රථයක් යොදාගෙන නීතිවිරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කිරීමේ යෙදෙමින් සිටින විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ එම අවස්ථාවේ මත්පැන් බෝතල් 30ක් මෝටර් රථය තුළ තිබූ බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු කුලී පදනම මත ලබා ගත් සුපිරි වාහන යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති අතර ඒ සඳහා පවුලේ සාමාජිකයන්ද හවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු පොලිසියට පැවසුවේ, තම දැරියගේ සැත්කමකට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කළ බවයි. අත්අඩංගුවට ගත් සැකකරු, මත්පැන් සහ මෝටර් රථය සමඟ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.