කඩුවෙල නගරාධිපතිගේ මරණීය තර්ජන සමග එළියට ආ හඬ පට ගැන ඔහුගෙන්ම ප්‍රකාශයක් - ආත්ම ආරක්‍ෂාවට එහෙම කරනවලු

Report

මේ වන විට විදුලබල මණ්ඩලයේ සේවකයන් අකුරට වැඩ කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දරුණු විරෝධතාවයක නිරත වී සිටින අතර එම අතරතුරේදී කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විදුලි සේවක සංගමයේ සාමාජිකයෙකුට දුරකථනයෙන් අමතා තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

ඒ අනුව එම සිදුවීම දැඩි පිළිකුලෙන් හෙලා දකින බව ලංකා විදුලිබල මණ්ඩලය ජාතික සේවක සංගමය ලේකම් අජිත් දේවප්‍රිය මහතා සඳහන් කරයි. එහිදී ඔහු මරන්න බයත් නෑ.. මැරෙන්න බයත් නෑ.. ඉතිහාසය මතකදැයි අසා ඇති බව සඳහන් කොට ඔහු සමග ඇති වූ දුරකථන සංවාදයක හඬ පටයක් මාධ්‍යයට ද ඉදිරිපත් කර තිබේ.

අපි මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.. ළඟදි ගෙදරටම එනවා.. - රන්ජන් ජයලාල් ගෙන් තර්ජන

අපි මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.. ළඟදි ගෙදරටම එනවා.. - රන්ජන් ජයලාල් ගෙන් තර්ජන

ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කඩුවෙල නගරාධිපති ජයලාල් මහතා සඳහන් කළේ ඔහු ප්‍රකාශ කෙරූ බොහෝ දේවල් අගක් මුලක් නැතුව හඬපටයක් ආකාරයෙන් ප්‍රචාරය කරන බවත් කිසිසේත් අමාරුවෙන් ගොඩනගා ගත්තු ආණ්ඩුව පෙරළීමට ඉඩ නොදෙන බවත්ය. ඒ වගේම දරු පවුල් මතක් කරමින් මරණීය තර්ජන එල්ල කළ විට එයට පෙරළා ප්‍රතිචාර දැක්වීමට නීතියේද අවස්ථාව තිබෙන බවද ඔහු මේ අවස්ථාවේ සඳහන් කළේය.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඒ වගේම ජනතාව වෙනුවෙන් කළ යුතු දේවල් වලට ඔවුන් මූලිකත්වය ගන්නා බවත් මෙම හඩ පටය තුළ ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මාධ්‍යයට ඉදිරිපත් නොකර ඔහුට අපහාස කරන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම සමහර මාධ්‍ය ජාලාවල බුදු තාත්ති බොන්න එපා කිව්වහම බොන්න කියන කෑල්ල දානවා මිසක් එපා කියන කෑල්ල දාල පෙන්නන්නේ නැති බවත් ඔහුගේ ප්‍රකාශයටද එවැන්නක් සිදු කර සිදුකර අපහාස කරමින් රජය පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් මැවීමට උත්සහ කරන බව ඔහු එක හෙළා ප්‍රකාශ කරර තිබේ.

රස කැවිලි දී 4 වසරේ සිසුවිය පාසල් වෑන් රථය තුළදීම අපයෝජනය කළ රියදුරු මාට්ටු

රස කැවිලි දී 4 වසරේ සිසුවිය පාසල් වෑන් රථය තුළදීම අපයෝජනය කළ රියදුරු මාට්ටු