ඔබතුමාගේ ඇතුළට ගියාට අපි කැමැති නැති වුණාට ඇතුළට ගිය එක ලොකු දෙයක් වුණා, ගම්මන්පිල රනිල්ගේ මූණටම කියයි

Report

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමෙන් පසු විසිරී පැවති විපක්ෂයම සමගි වූයේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

එසේම ඔහු බන්ධනාගාර ගතවීමට පෙර විපක්ෂය එක් කිරීමට උත්සාහ කළද, එය ව්‍යාර්ථ වු බව ද ඔහු පවසයි.

එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්

එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්

ගම්මන්පිල මහතා මේ බව කියා ඇත්තේ අද (20) දින එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව කොළඹදී පැවැත්වූ විටයි.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"ඔබතුමාගේ ඇතුළට (බන්ධනාගාරගත වීම) යෑම අපි කාගේවත් කැමැත්ත නොවුණත් ඔබතුමා ඇතුළට යෑම ඓතිහාසික කාර්යභාරයක ආරම්භයක් බවට පත්වුණා. ඔබතුමා එළියේ ඉඳන් කරන්න ගිය දේ ඇතුළතට ගියාම වුණා. එදා මුළු විපක්ෂයම සමගි වුණා. මේ එදා ගොඩනැගුණු තාවකාලික සමගිය සදාකාලික සමගියක් බවට පරිවර්තනය කරන්න කාලයයි. ඒ සමගිය මේ ෆැසිස්ට්වාදය පරාජය කරන තුරාවටම පවත්වගෙන යෑම අද යුගයේ අපේ කර මත තියෙන අභියෝගයක්. ඒ ඉටුකිරීමට මූලිකත්වය ගත හැක්කේත්, ගත යුත්තේත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා විපක්ෂයේ තිරසර සමගියක් ගොඩනගන්නට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන්ටත් එක්සත් ජාතික පක්ෂයටත් නුදුරු දිනයක හැකි වේවා! “ යනුවෙන් සඳහන් කළා.

පුලුවන්නම් බස්සලා පෙන්නන්න - කලින් ආණ්ඩුව විදුලි බල මණ්ඩලේ කෑලි කරද්දී කටේ පිට්ටු තියන් හිටපු වෘත්තිය සමිති නායකයෝ අද කයිය ගහනවා

පුලුවන්නම් බස්සලා පෙන්නන්න - කලින් ආණ්ඩුව විදුලි බල මණ්ඩලේ කෑලි කරද්දී කටේ පිට්ටු තියන් හිටපු වෘත්තිය සමිති නායකයෝ අද කයිය ගහනවා

රංග දිසානායකගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම නීත්‍යානුකූලයි - අල්ලස් කොමිසම

රංග දිසානායකගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම නීත්‍යානුකූලයි - අල්ලස් කොමිසම