මේ තරම් අසහනයක්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැසකට පාසලේදිම ලිංගික අපයෝජන
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමාජයේ සෑම පුරවැසියන්ගෙන්ම විශේෂ අවධානයට ලක්විය යුතු වුවත් ඔවුන්ට හිරිහැර සිදුවන අවස්ථා පිළිබඳ දිනෙන් දින ලැබෙන වාර්තා වර්ධනය වේ.
ඒ අනුව ඊට ආසන්නතම සිද්ධිය වාර්තා වී ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයෙනි.
ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන විදුහලක එම දරුවන්ට සිදුවන අකටයුතුකම්, අපචාර පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද ඊයේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී අනුරාධපුර නගරයේ පිහිටා ඇති මෙම විශේෂ විදුහලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන අතර ගැහැණු සහ පිරිමි දරුවන් 69කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරයි.
එසේම පෞද්ගලික ආයතනයක් මඟින් නඩත්තු වන අතර එහි පරිපාලනය සිදුකරන්නේ පාලක මණ්ඩලයක් ඔස්සේ යි. එමෙන්ම එය උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය කරයි.
කෙසේ වුවත් කණගාටුවට කරුණ නම්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් තම අනාගතය ගොඩනැගීම අරමුණු කරගමින් අධ්‍යාපනය හැදෑරීමට මෙම පාසලට පැමිණියත් එහිදී ලිංගික අපචාරයන්ට හා විවිධ හිරිහැරවලට ලක්වීමට සිදු වීමයි.

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව
මේ අතර එසේ පිරිමි දරුවන් තිදෙනෙකුට ලිංගික අපචාර කිරීමත් තවත් දරුවෙකු අපයෝජනය කළ බවටත් වූ චෝදනා සම්බන්ධයෙන් පාසලේ භාණ්ඩාගාරික වශයෙන් ක්‍රියා කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අනුරාධපුර පොලිසිය ප්‍රකාශ කරයි.
ඊට අමතරව කතාකිරීමට නොහැකි කන් නොඇසෙන තම දරුවන්ට සිදුවන අනේකවිධ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකි මව්පියන් ඉකුත් දා විරෝධතාවක ද නිරත වූයේ පාසලේ පාලක මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල කරමින් බව ද වාර්තා වේ.
