පොදු සමාව නිර්දේශ වූ සිරකරුවන්ට තවදුරටත් හිරේම ඉන්න වෙයි - ඥාතීන්ගෙන් දැවැන්ත චෝදනාවක්

Report

මරණ දඬුවම නියමවී පොදු සමාව ලැබීමට අධිකරණ අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටු කීපයකින් නිර්දේශ කළ සිරකරුවන් 154 ක් වසර හතරකට අධික කාලයක් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බව වාර්තා වේ.

ඒ තත්ත්වය මත එම සිරකරුවන්ගේ ඥාතීන් සඳහන් කරන්නේ මෙය අඳාළ නිර්දේශය වෙනුවෙන් පත්කළ කමිටු වෙනුවෙන් වැයකළ රුපියල් ලක්ෂ 200 ට ආසන්න මුදල අපතේ යැවීමක් බවයි.

එමෙන්ම ඔවුන් පවසන්නේ මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන් 262 කින් සිරකරුවන් 154 ක් 2022 වන මාර්තු මස පොදු සමාව යටතේ නිදහස් කිරීමට තෝරාගන් බවයි.

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට

එහෙත් එම කාලය තුළ සිදු වූ දේශපාලන තත්ත්වයත් සමඟ ඔවුන් නිදහස් කිරීම යටගිය බවත් ඔවුන් පවසයි. එසේම එහිදී පළමු පොදු සමාව සඳහා සිරකරුවන් 184 ක් තෝර ගෙන ඇතත් අවසන් නිරිදේශය සඳහා ඔවුන්ට දඬුවම් පැන විනිසුරුවරුන්ගේ නිර්දේශය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිරකරුවන් 30 දෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත්කිරීමට සිදුවී ඇති බවත් සඳහන්.

එමෙන්ම අඳාළ තීන්දු දුන් විනිසුරුවරු මණයට පත්වීම, රෝගීව සිටීම සහ විදේශ ගතවීම යන හේතු මත ඔවුන්ගේ නිර්දේශ ගැනීමට නොහැකි වීම එයට හේතු වූ බවත් ඥාතීහු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මෙම සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජසිංහ මහතාගෙන් කළ විමසුමකදී එම ක්‍රියාවලිය ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාත්මක කළ එකක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව එයට පහසුකම් සැළසීම පමණක් කළ බවත් පැවසූ බව වාර්තා වේ.   

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි