අනියම් බිරිය බැලීමට ගිය තරුණයෙකු ජිවිතක්ෂයට - හොදටම ගුටි බැට දීලා ගසක ගැටත් ගහලා..
By krishani
අනියම් බිරිඳ මුණගැසීමට ගිය පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් රත්නපුර - හීදැල්ලන ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඊයේ අලුයම රත්නපුර පොලිසියට ලැබුණු තොරතුරක් මත රත්නපුර - හීදැල්ලන ප්‍රදේශයට පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
පැය කිහිපයකට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගියේ 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
මොහු හීදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මුණගැසීමට ගිය අවස්ථාවේ සැමියා විසින් පහර දී ගසක ගැට ගසා ඇති බවට වැඩිදුර පරීක්ෂණවල දී හෙළි වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |