අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙක්ගේ මළසිරුරක් හමු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
මරදන්කඩවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයගෙන ඇති බව පොලිසිය පවසයි.
ඒ මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ය.
මෙලෙස මියගොස් ඇත්තේ මරදන්කඩවල පදිංචි වයස අවු 65 ක් වන අවිවාහක පුද්ගලයක් වේ.
ඔහු දින කිහිපයකට පෙර මිය ගොස් ඇති අතර සිරුර සොයා ගන්නා විට මළසිරුර නරක්වෙමින් තිබී ඇත්තේ.
මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |