ළිඳකට වැටී පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මිය යයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 09, 2023 02:56 AM GMT
krishani

krishani

Report

වව්නියාව පොලිස් වසමේ කුරුමන්කාඩුව ප්‍රදේශයේ 43 හැවිරිදි  පුද්ගලයෙකු ළිඳකට වැටී පුද්ලයෙකු මියගොස් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) අලුයම් කාලයේ දී වව්නියාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබු අතර මරණකරුගේ බිරිඳ තම ස්වාමිපුරුෂයා ළිඳේ වැටී සිටිනු දැක ප්‍රදේශවාසින් සමග එක්ව ගොඩට ගෙන ඇත. 

එහිදි අදාළ පුද්ගලයා මියගොස් ඇති බවට දැනගැනීමෙන් පසු ඥාති සොහොයුරෙකු විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

මියගිය අය වසර 10ක පමණ කාලයක සිට මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කිරීමෙන් පසු මෘත දේහය ඥාතීන්ට භාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha