තරුණයෙකුගේ මළ සිරුරක් හමු වෙයි.
Sri Lanka Police
Sri Lanka
By krishani
වවුනියාවේ පුලියන්කුලම පුතූර් ප්‍රදේශයේ දී තරුණයෙකුගේ මළ සිරුරක් කුඹුරක තිබී හමු වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ රාත්‍රී කාලයේ කුඹුරක් මුර කිරීමට ගිය පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජගනාදන් කෙජිදන් නමැති තරුණයෙක් වන අතර ඔහු කුඹුරේ සිට ආපසු නිවසට නොපැමිණීම නිසා පවුලේ අය එහි ගොස් බලා ඇත.
එහි දී ඔහුගේ මළ සිරුර හමු ව ඇති අතර මළ සිරුර වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
කෙසේවෙතත්, මිය යාමට හේතුව මෙතෙක් අනාවණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු පුලියන්කුලම පොලිසිය හා වවුනියාව පොලිසිය විසින් සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |