ළිඳකින් පුද්ගල මළසිරුරක් හමු වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 19, 2023 04:47 AM GMT
krishani

krishani

Report

ඊයේ (18), කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී පිරිමි මළ සිරුරක් හමු වී තිබෙනවා.

119 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයකට අනුව මැදගම පොලීසිය විසින් විමර්ශනයක් ආ‍රම්භ කොට ඇති අතර මරණකරු අලුත්තවල , කොටබෝව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයෙක් ය.

පසුගිය 15වන දින සිට මෙම පුද්ගලයා අතුරුදහන් බවට ඔහුගේ පුතා විසින් මැදගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිණ.

මේ අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.

මැදගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join