මේ වගේ දෙයක් නම් කරන්න හිතන්නවත් එපා?. විදුලිය ජීවිතයකට ගෙනා ඛේදවාචකය..

Report

ඊයේ (09) දහවල් ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වගේ දෙයක් නම් කරන්න හිතන්නවත් එපා?. විදුලිය ජීවිතයකට ගෙනා ඛේදවාචකය.. | Death One Person At Gampola

මෙලෙස මිය ගියේ පුපුරැස්ස, ලෙවලන්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක් ය.

ඔහු විසින් අසල්වැසි නිවසකින් තම නිවසට ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී තිබෙනවා.

රුපියල් දස දහසක්ව පැවති නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පසුගිය දා කටයුතු කර ඇති බව වාර්තා වීය.

ඒ හේතුවෙන් දරුවන්ගේ පාඩම් කටයුතු සහ අනෙකුත් වැඩකටයුතු සිදුකර ගැනීමට නොහැකිව වීම මත ඔහු අසල්වැසි නිවසකින් තම නිවසට විදුලි රැහැනක් ඇද විදුලිය ලබා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයාට මෙලෙස විදුලි සැර වැදී ඇත.

මොහුගේ මරණය පරීක්ෂණය ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකර ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.