අධිවේගී දුම්රිය දෙකක් ගැටී විශාල විනාශයක් - ස්පාඤ්ඤයේ බිහිසුණු අනතුරින් මරණ රැසක් වාර්තා වෙයි
By Malith Madushan
ස්පාඤ්ඤයේ ටොලෙඩෝ ප්රදේශයේදී අධිවේගී මගී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්යාව ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
මැඩ්රිඩ් සිට සෙවිල් නගරය බලා ධාවනය වූ දුම්රියක් ඇතුළු දුම්රිය දෙකක් අනතුරට ලක්ව ඇති අතර, මැදිරි කිහිපයක් පීලි පැන තිබේ. දුම්රිය දෙකේම මගීන් 544 දෙනෙකු පමණ සිටි බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා කලාපය අතර අධිවේගී දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. සහන කණ්ඩායම් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර, අනතුරට හේතුව සොයා පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
“ලෝකයක් බලා සිටින ඊශ්රායල මැතිවරණයේ නෙතන්යාහුටත් විපක්ෂයේ අයිසන්කොට්ටත් බහුතරය අහිමි වන ලකුණු'' - අරාබි පක්ෂ තීරණාත්මක වෙයි