නාඳුනන මළ සිරුරක් බේරේ වැවෙන් හමු වෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවත අසල බේරේ වැවේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් හමු වී ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මරණකරු වයස අවුරුදු 45ත් 50ත් අතර වයසක පසුවන පුද්ගලයෙක් වන අතර අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
කෙසේ වෙතත්, මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
