පොලිසියෙන් මිදී දිවගොස් තරුණයෙක් වැවට පනී.. (VIDEO)

Sri Lanka Police Kurunegala
By krishani Aug 21, 2022 01:36 AM GMT
krishani

krishani

Report

කුරුණෑගල දී පොලිසිය විසින් තරුණයෙක්  පරීක්ෂා කිරීමට යාමේ දී ඔහු එම ස්ථානයෙන් පලා ගොස් වැවකට පැන දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

පෙරේදා (19) කුරුණෑගල වැව රවුමේ ඇවිදින මංතීරුව අසළ මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයා පරීක්ෂාවට ලක් කර තිබුණු අතර පොලිසිය සමඟ ඔහු පොරබදා ඇත.

පසුව අසළ වැවකට පැන පිහිනා පලායාමටයි තැත් කර ඇති අතර මීටර 5 ක් පමණ දුර පිහිනා යමින් සිටියදී ඔහු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වන තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha