ලංකාවම කළඹවමින්, ඔයක් ළඟකින් හමු වූ ගමන් මල්ලේ තිබුණු පුද්ගල මළසිරුරේ සුලමුල හෙළිවෙයි..

Report

ඊයේ (15) රාත්‍රියේ දී සීදුව - දඬුගම්ඔය ඉවුරේ දමා ගිය ගමන් මල්ලක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලදී වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට ලක් වූ  පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට විශ්වාස කරන අතර මළ සිරුර නිල් පැහැති ගමන් මල්ලක සිරකර තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ය 

මෙතෙක් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයස්වල පසුවන්නෙකු බවට විශ්වාස කරන බවයි පොලිසිය පවසයි.

එමෙන්ම මියගිය පුද්ගලයා රතු පැහැති කමිසයක් සහ දුඹුරු පැහැ කලිසමක් ඇඳ සිටි 5'8 ක උසකින් යුත් පිරිමි පුද්ගලයෙක් වේ.

මියගිය පුද්ගලයාගේ ගෙලෙහි දකුණු පැත්තේ තරු ලකුණු 07ක් සහිත පච්චයක් දිස්වන අතර හිසේ සහ නිකට දෙපස තුවාල සලකුණු ඇති බව පොලිසිය පැවසීය.

කෙසේවෙතත්, මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය මීගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදුව පොලිසිය විසින් පවත්වයි.